Downloads

Inter-College Anthem Lyrics

 අන්තර් විද්‍යාපීඨ ගීතය

 ගුරු නාම කීර්ති යස හාර ධරා

ගුරු නාම කීර්ති ජය සංඛ ධරා

ගුරු නාම කීර්ති යස කිරුළු ධරා

ගුරු නාම කීර්ති යස හාර ධරා…//

සිසු භක්ති ප්‍රණාම මරිචි විරාජිත ශිල්ප ශාස්ත්‍ර විද්‍යා මිණි සාගර

ධීර වීර ප්‍රඥා ප්‍රදීප කරුණා නිධාන සෞභාග්‍ය ධරා

 

ගුරු නාම කීර්ති යස හාර ධරා…//

හංස රාජ උපමාන පුණ්‍ය ගුණ ක්ෂීර මාත්‍ර ජල මුක්ත සාරහර

යුක්ති ධර්ම චර්යාභිමාන ප්‍රියභාන ශක්ති සම්පත්ති ධරා

ගුරු නාම කීර්ති යස හාර ධරා…//

 

Ruwanpura NCoE - College Anthem Lyrics

විද්‍යාපීඨ ගීතය

 සරසවි ගණිසුරු නැණ මඬලින් මිහි මඬලට පැමිණි අපේ

සොබාදහම් මව මහබඹුගෙන් ලද තිළිණය වඩන ඔපේ
සමන් දෙවිඳු කරුණා සිහිලැල්ලෙන් නැහැවී ගෙනෙන සැපේ
ජාතික අධ්‍යාපන විදු පීඨය නීති බැබලේ රුවන්පුරේ

දුලවා හේලි හෙලේ කිරීටවැ සව් සත් හල් මුදුනේ //

අඳුරු මකන සිසු ලොව ඇඳුරු විදුරු පහන දල්වන සොඳුරු//
නැණ පිල වෙයි මහරු අපේ මේ නැණ පිල වෙයි මහරු

දුලවා හේලි හෙලේ කිරීටවැ සව් සත් හල් මුදුනේ //

සහජා දස්කම් මතු කරවා වැඩදා පුරවැසියන් තනවා //
අපි වෙමු දැයට ගුරු අනාගත පරපුර තනන ගුරු

දුලවා හේලි හෙලේ කිරීටවැ සව් සත් හල් මුදුනේ ///